සුද්දා වෙසක් පෝයට බෞද්ධ කොඩිය උස්සන එක තහනම් කරලා බදු ගැහුවම, එඩ්මන්ඩ් වික්රමසිංහගේ සීයා, එනම් රනිල් වික්රමසිංහගේ මුත්තා , සුද්දගේ රජයට ගෙඩි රැපියල් ලක්ෂයක්ම ගෙවලා, වෙසක් පෝය දවසේ බෞද්ධ කොඩිය ලංකා ධරණි තලයේ ලෙළ දෙන්න සලස්වනවා. එහෙම කරපු මුත්තගේ මුණුපුරා රනිල් වික්රමසිංහය.
අදටත් ගාල්ලේ අක්මීමන මිනිරන් හන්දිය කියලා තැනක් තියෙනවා. එතන මිනිරන් පතලක් තිබුනා. එහි හිමිකාරයා රනිල් වික්රමසිංහගේ මී මුත්තා. ඒ වගේම ලංකාව පුරාම එස්මන්ඩ් වික්රමසිංහගේ මුත්තට පතල් තිබුනා.
රනිල් වික්රමසිංහගේ සීයා තමයි ලංකාවේ ප්රථම සිංහල දිසාපති, එතුමා තමයි ලෝකයේ පලමු වතාවට රජයේ ඉඩම් නොමිලේ ජනතාවට දීම ආරම්භ කරපු ඒජන්තවරයා ගොවි ජනපද ව්යාපාරය හරහා.
එතුමගේ නම සිරිල් ලෙනාඩ් වික්රමසිංහ, ඒ කාලේ මහ ඒජන්තකම කොරන්න පුළුවන් සුද්දට පමණයි කියලා තිබුණු අණසක එතුමා නැතිකරලා, පලමු සිංහල මහ එජන්ත වුනා. එබැවින් සුද්දෝ පවා එතුමට ගරු කරා. එතුමා ලෝකෙම ප්රසිද්ධ වුනේ C. L වික්රමසිංහ කියලා. එහෙව් මහ ඒජන්තගේ මුණුපුරා තමයි රනිල් වික්රමසිංහ.
වික්රමසිංහපුර කියන්නේ. ITN එක තියෙන තැන. එය J.R රජයට පවරා ගත්තා.ITN එක මුලින්ම ලංකාවේ දැම්මේ රනිල්ගේ අයියා ශාන් වික්රමසිංහ.
රනිල් වික්රමසිංහ ජනපතිලා ගෙදර ගියහම ලැබෙන නිවෙස් අරගෙන නෑ. තමන්ගේ පුද්ගලික නිවසත්, එහි තිබු පොත්පත් හා කෞතුක වටිනාකමකින් යුතු චිත්ර හා ගෘහභාණ්ඩ රාජකීය විද්යාලයට ලියලා දීලා තිබුනේ. ඒවා අවසානයේ අරගලයට මුවාවෙලා ගිණි තියලා දැම්මා.
ඒ විතරක් නෙවෙයි ගංගාරාම විහාරය යටතේ පාලනය වන කලල්ගොඩ විපස්සනා භාවනා මධ්යස්ථානය සගසතු කර සසුනට පූජා කලේ මෛත්රී වික්රමසිංහ මැතිණියගේ දෙමාපියන්ය. මෛත්රී වික්රමසිංහ යනු රනිල් වික්රමසිංහගේ බිරිදය. අදටත් නාවල හන්දියේ විශාල භූම් භාගයක් පුරා පැතිරී ඇත්තේ ඔවුනගේ දේපලය. නාවල ජනාධිපති බාලිකාවට පවා සිය ඉඩම පරිත්යාග කර ඇත්තේ ඔවුන්ය.
අදටත් රනිල් වික්රමසිංහගේ සහ මෛත්රී වික්රමසිංහ මැතිණියගේ පුද්ගලික ධනයෙන් පමණක් නඩත්තු වන ළමා නිවාස 15 ක් ලංකාවේ තියෙනවා.
මේ කිව්වේ රනිල් වික්රමසිංහගේ පිය පාර්ශවය සහ බිරිදගේ පාර්ශවය ගැන පමණි. මව් පාර්ශවය වන විජේවර්ධනලා ගැන ලියන්නට බොහෝ දේ ඇත.
.png)
0 Comments